Dracula Origin
මෙතන හොල්මන් වලට භය අයත් ඇති භය නැති අයත් ඇති.ගොඩක් අය හොල්මන් ෆිල්ම් බලන්නත් ආසානේ.ගෑනු ළමයි නම් භාගයක් බලද්දී යටි ගිරියෙන් කෑගහලා ගමම දෙවනත් කරනවනේ! ඒ එයාලගේ හැටිනේ! හුනෙක් දැක්කත් ඇති කෑගහන එකම තමා! හරි හරි! ඒක නෙමේ මම ඉතින් අද අරන් ආවේ හොල්මන් ගේම් එකක්! ගහද්දි නම් භය හිතෙනවා! ඊටත් මේකේ ඉන්න හොල්මන වෙන කව්රුත් නෙමේ ඩ්රැකියුලා.මෙයා කොහොමත් දරුණු විදියට පලිගන්න කෙනෙක්නේ.ඕනේ නම් වවුලෙක්ගේ ස්වරුපයක් වුනත් ඩ්රැකියුලාට ගන්න පුලුවන්.මේක මාත් පලවෙනි පාර ඉවර කරනකන් ගොඩක් බයේ ගැහුවේ.රෑට එහෙම මේක ගහලා නිදාගත්තේ දන්න ගාථා ඔක්කොම කියලා.දෙවෙනි පාර ප්ලේ කරද්දී නම් එහෙම බයක් දැනුනේ නැහැ.මේක මිෂනුත් පට්ටම පට්ට.හිතා ගන්න බැහැ කරන්න ඕනි දේ.තනිකර මොලේ පාවිච්චි කරලා තමා වැඩේ කරන්න තියෙන්නේ.හෙනට හිතන්න තියෙනවා මේකේ.ඒත් උත්සාහවන්තයා ජය ගනී කියලා හොදට හිතලා ට්‍රයි කලොත් බැරි වෙන්නේ නැහැ කාටවත්.එහෙනම් ඔයාලා පහල තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් මේක බාගත කරගන්නකො.ආහ්හ් තව දෙයක්! මම මේකේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත් පහලින් දාන්නම් ඔයාලට බලන්න! එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරි ගේම් එකක් සමග මම ඔයාලව හමුවෙන්නම්! එතකන් #ෂෝඕෆ්





0 comments: